Facebook Instagram LinkedIn YouTube Investor Relation Branches
Breadcrumb Banner

සංස්කෘතිය සහ වටිනාකම්

සංස්කෘතිය සහ වටිනාකම්

ආදරය හා කරුණාව

Culture Image

"ආදරය යනු ඔබ කරන පරිත්‍යාගයකි , කෙනෙකු සතුටු කිරීමට ... කෙනෙකුගේ ජීවිතය අධ්‍යාත්මිකව නඟා සිටුවීමට ඔබ දරනා අමතර කැපකිරීමකි ..."

අපගේ සෙසු ජීවිත වලට ආදරය හා කරුණාව දැක්වීම ජීවිතයේ මූලික ප්‍රතිපත්තියකි. කොමර්ෂල් ක්‍රෙඩිට් හිදී එය අපගේ ආයතනික දර්ශනයේ මූලික ප්‍රතිපත්තියකි. ආයතනික වටිනාකම් පහෙන් එකක් ලෙස ආදරය හා කරුණාව අප වැඩ කරන ආකාරය මූර්තිමත් කරන අතර ගනුදෙනුකරුවන් සමඟ අපගේ සබඳතා වර්ධනය කර ගැනීමට බෙහෙවින් ඉවහල් වේ.

කොමර්ෂල් ක්‍රෙඩිට් සමඟ ඔබට සේවයේ සීමාවෙන් ඔබ්බට ගොස් ආදරය හා කරුණාව මත පදනම් වූ කල්පවත්නා සම්බන්ධතාවයක් තුළින් ඔබේ සාර්ථකත්වය, ඉටුවීම් සහ සතුට සහතික කරනු ඇත.

සත්‍යගරුක බව හා විශ්වාසය

Culture Image

"සෑම සම්බන්ධතාවයකටම මූලික වන්නේ  විශ්වාසයයි. විශ්වාසය යනු සබඳතාවක ආරම්භය වන අතර  විශ්වාසය වැඩිවීමත් සමගින් සබඳතා ක්‍රමයෙන් වර්ධනය වේ."

ව්‍යාපාර කිරීමට ඇති එකම ක්‍රමය සැමවිටම සත්‍යගරුකබව හා විශ්වාසය වැලඳ ගැනීම බව අපි විශ්වාස කරමු. සත්‍යගරුකබව හා විශ්වාසය සැබෑ සහ නිරීක්ෂණය කළ හැකි එය සෑම සාර්ථකත්වයකම සාරය වේ. විශේෂයෙන් වර්තමාන සේවා පරිසරය තුළ සංවිධානයක් සඵලදායී වීමට නම් විශ්වාසයේ ශක්තිමත් පදනමක් අවශ්‍ය වේ.

පුද්ගලික හා වෘත්තීය සාර්ථකත්වයට සත්‍යගරුකබව හා විශ්වාසය ඉතා වැදගත් බව අපි විශ්වාස කරමු. මෙම වටිනාකම් අපගේ ව්‍යාපාරයට වඩාත්ම අගයක් එකතු කළ සාධකයන් වන අතර ඒවා අපගේ සේවා පරිසරය තුළ ක්‍රියාකාරීත්වයට බෙහෙවින් ඉවහල් වී ඇත. අපගේ සෑම නිෂ්පාදන, සේවා සහ ව්‍යුහයන් අපි සැලසුම් කර ගොඩනගනු ලබන්ගේ සත්‍යගරුකබව පදනම් කරගෙනය. එවිට මිනිසුන් අප, අපගේ නිෂ්පාදන සහ අපගේ සංවිධාන ඔවුන්ගේ කැපවීම්, ඔවුන්ගේ අභිලාෂයන් සහ අනාගතය පිළිබඳව සම්බන්ධ කරගැනීමට විශ්වාස කරනු ඇත.

ඉගෙනීම සහ සංවර්ධනය

Culture Image

"කොමර්ෂල් ක්‍රෙඩිට් හි අප විශ්වාස කරන්නේ ඉගෙනීම යනු ඔබේ ජීවිතයට කළ හැකි එකම බලවත්ම ආයෝජනය ලෙසයි ..., ඇත්තෙන්ම අපේ දියුණුවේ නිර්මාණකරු අපිම  වන්නෙමු  .."

ඉගෙනීම සහ සංවර්ධනය යනු අප තුළම කළ හැකි වඩාත්ම බලගතු ආයෝජන බව අපි විශ්වාස කරමු. අප අවට සිටින අයගේ ජීවිත නඟා සිටුවීම සඳහා පෞද්ගලික හා වෘත්තීයමය වශයෙන් ඉටුකිරීමට ඇති කාර්යයන් පුළුල් කිරීමට අප සෑම විටම ඉගෙනීම හා සංවර්ධනය සඳහා වැඩි ශ්‍රමයක්  යොදවනු ලැබේ.

සැමට දිනුම

Culture Image

"සැමට දිනුම චින්තනය මගින් අපට අවශ්‍ය වන්නේ අප හා සම්බන්ධ වන සෑම කෙනෙකු සමඟම දිගු කල් පවතින, තිරසාර සබඳතා ගොඩනඟා ගැනීමයි "


ධනාත්මක
චින්තනයක් සහ අන්‍යෝන්‍ය ප්‍රතිලාභයන් සඳහා වැඩ කිරීම අප ව්‍යාපාර කරන ආකාරයට අත්‍යාවශ්‍ය වේ. අපගේ ව්‍යාපාරික සම්බන්ධතාවලදී දෙපාර්ශවයම ජයග්‍රහණය නොකළේ නම්, දෙපාර්ශවයම පරාජය වන බව අප තරයේ විශ්වාස කරමු. එබැවින් සෑම වටම අප අන්‍යෝන්‍ය ප්‍රතිලාභ සහතික කිරීමට මහන්සි වෙමු. එය ඔබගේ මාර්ගය ක්‍රියාත්මක කිරීම හෝ අපගේ මාර්ගය ක්‍රියාත්මක කිරීම නොවේ. එය හොඳම මාර්ගය ක්‍රියාත්මක කිරීමයි.

සහක්‍රියාව හා කණ්ඩායම් ක්‍රියාව

Culture Image

සහයෝගීතාවයේ හරය වන්නේ මිනිසුන්ගේ මානසික, චිත්තවේගීය, මනෝවිද්‍යාත්මක වෙනස, ඔවුන්ගේ හැකියාවන් තුලින් ලබනා දියුණුව  සහ දුර්වලතාවයන් දරාගැනීමේ හැකියාව  අගය කිරීම හා  ඒවාට ගරු කිරීමයි "

කොමර්ෂල් ක්‍රෙඩිට් අපි පොදු ඉලක්කයක් කරා කණ්ඩායමක් ලෙස වැඩ කිරීමේ වැදගත්කම අවධාරනය කරන සමබර සහයෝගීතාවයකින් දැනුම, කුසලතා සහ වැඩ කිරීමේ පුද්ගල වෙනස්කම් අපි අගය කරන්නෙමු. අපගේ සහක්‍රියාව හා කණ්ඩායම් ක්‍රියාකාරිත්වය පිළිබඳ සංස්කෘතිය ගෞරවයනව්‍යකරණය සහ නිර්මාණශීලිත්වය අභිජනනය කරන අතර, එමගින් විශිෂ්ට සංස්කෘතික පරිසරය නිර්මාණය වීම ස්වභාවයෙන්ම සිදුවනු ඇත. එය හුදෙක් විශේෂ දෙයක් නොවන අතර අප වැඩ කරන ආකාරයයි.