Facebook Instagram LinkedIn YouTube Investor Relation Branches
Breadcrumb Banner

සමාගම් විශ්ලේෂණය

සමාගම් විශ්ලේෂණය

ශ්‍රී ලංකාවේ මුල්‍ය සේවා කර්මාන්තයේ හොඳින් ස්ථාපිත සන්නාමයක් වන කොමර්ෂල් ක්‍රෙඩිට් ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී, පසුගිය දශකය තුළ වැඩිම ඉල්ලුමක් ඇති මුල්‍ය සේවා සපයන්නන්ගෙන් එකකි.

වසර 30ක් පුරා ක්ෂේත්‍රයේ ව්‍යාප්ත වී ඇති සිය ව්‍යාපාරික ඥානය සමඟින්, කොමර්ෂල් ක්‍රෙඩිට් ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී ශ්‍රී ලංකාවේ පුද්ගලයන්ට සහ ව්‍යාපාරවලට පහසුකම් සපයන මුල්‍ය නිෂ්පාදන රැසක් පිරිනමයි. සාධාරණ ව්‍යාපාරික පිළිවෙත් ප්‍රවර්ධනය කිරීමේ විශිෂ්ටත්වය සහ පාරිභෝගිකයන් සමඟ ගනුදෙනු කිරීමේ සානුකම්පිත ආචාර ධර්ම ප්‍රවර්ධනය කිරීම සඳහා සුප්‍රසිද්ධ සන්නාමයක් වන කොමර්ෂල් ක්‍රෙඩිට් ආයතනය දැනට දිවයින පුරා ස්ථාන 130 ක ක්‍රියාත්මක වේ.

එහි මුල්‍ය පහසුකම් වන, වාහන ලීසිං, රන් ණය, ව්‍යාපාර ණය සහ ක්ෂුද්‍ර මුල්‍ය මගින් රටේ මිලියන 5 කට අධික ගනුදෙනුකරුවන්ට ඔවුන්ගේ මුල්‍ය අවශ්‍යතා සඳහා සහාය වී ඇත. පාරිභෝගිකයා මනසේ තබාගෙන එහි ව්‍යාපාරික මෙහෙයුම් සැලසුම් කර ඇති බැවින් , ඔබේ මුල්‍ය සේවා සපයන්නා ලෙස කොමර්ෂල් ක්‍රෙඩිට් තෝරා ගත් විට, ඔබට ගුණාත්මක, වේගවත්  සහ විශ්වාසනීය සේවාවක් ලැබීමට හැකි  වනු ඇත.

ලාංකිකයන්ගේ හදවත් තුළ කොමර්ෂල් ක්‍රෙඩිට් සන්නාම නාමය කැටයම් කර ඇත. සෑම දිනකම ශක්තිමත් වන විශ්වාසය හේතුවෙන්, කොමර්ෂල් ක්‍රෙඩිට් සිය ස්ථාවර  තැන්පතු පහසුකම් සදහා   ශ්‍රී ලංකාවේ ආයෝජකයින්ගේ ආකර්ෂණය  දිනාගෙන ඇත.

ක්‍රම ක්‍රමයෙන් වර්ධනය වන සමාගමක් වන කොමර්ෂල් ක්‍රෙඩිට් ඇන්ඩ් ෆිනෑන්ස් මුල්‍ය සමාගම සිය දැක්ම යථාර්ථයක් බවට පත් කරමින්  දිනෙන් දින ශක්තිමත් වනු ඇත.


අරමුණ

පුංචි පුංචි ආදරබර වැඩ කරමින් මිනිසුන්ගේ ජීවිත ඔසවා තබන නායකයන් බිහිකිරීම.

දැක්ම

තම ජනතාව, හවුල්කාරිත්වය සහ කාර්යසාධනය අගය කරන වඩාත්ම නිදහස් සමාගම වීම.

මෙහෙයුම

සමාජයට ඉතා උනන්දුවෙන් හා උද්යෝගයෙන් සේවය කිරීම සඳහා ආයතනයේ සෑම මට්ටමකම නායකයින්, සංවර්ධනය කර පෝෂණය කරන ක්‍රියාශීලී මුල්‍ය මාගමක් වීම.

Our Vision
Our Mission