Facebook Instagram LinkedIn YouTube Investor Relation Branches
Breadcrumb Banner

ඉතිහාසය

ඉතිහාසය

1982 ඔක්තෝම්බර් 4 වන දින ආරම්භ කරන ලද කොමර්ෂල් ක්‍රෙඩිට් ඇන්ඩ් ෆිනෑන්ස් මුල්‍ය සමාගම මහනුවර කඳුකරයේ ලියාපදිංචි මුල්‍ය සමාගමක් ලෙස දශක හතරකට ආසන්න කාලයක් තිස්සේ ශක්තිමත් පදනමක් සහ ස්ථාවර වර්ධනයක් පෙන්නුම් කර, අද මුල්‍ය ක්ෂේත්‍රයේ විප්ලවීය නායකයෙකු ලෙස කටයුතු කරයි.

මෙහෙයුම් ආරම්භක අවධියේදී, සමාගම ප්‍රධාන වශයෙන් අවධානය යොමු කළේ කෘෂිකාර්මික අංශයට ණය ලබා දීම සඳහා වන අතර වර්තමානය වන විට එය විවිධ අංශ සඳහා ව්‍යාප්ත වී ඇත.

ආරම්භක වසරවලදී සමාගම ශක්තිමත් ක්‍රියාවලියක් සහ පද්ධති මත පදනම් වූ සංස්කෘතියක් ඇති කිරීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කළේය. අති නවීන කළමනාකරණ තොරතුරු පද්ධතියක් සංවර්ධනය කිරීම එහි එක් ප්‍රතිඵලයක් විය. මේ නිසා එහි කාර්යක්ෂමතාවයට සහ කළමනාකරණයට විශාල රුකුලක් ලබා දෙන අතර එය වසර ගණනාවක් පුරා සමාගමේ සාර්ථකත්වයට බෙහෙවින් ඉවහල් වී ඇත. වැඩිදියුණු කළ තත්ත්ව කළමනාකරණ අනුකූලතාවය සඳහා 2006 ඔක්තෝම්බර් මාසයේදී සමාගමට ISO9001:2008 ලබා ගැනීමට හැකි විය.

2009 ඔක්තෝම්බර් මාසයේ ඇතිවූ කළමණාකරණයේ විශාල වෙනස කොමර්ෂල් ක්‍රෙඩිට් ඉතිහාසයේ නව යුගයක් සනිටුහන් කළ අතර සමාගමේ පාලනය දූරදර්ශී ආයතනික නායකයකු වන රොෂාන් එගොඩගේ මහතා විසින් පවරා ගන්නා ලදී. ඔහුගේ මඟ පෙන්වීම යටතේ නව ආයතනික දැක්මක්, නව්‍ය නිෂ්පාදන, නවීන යටිතල පහසුකම් සහ සේවක ශක්තිය සවිබල ගැන්වීම ඇතුළු ඉලක්කගත ආයතනික ක්‍රියාමාර්ගයක් ක්‍රියාත්මක කිරීම කැපී පෙනෙන ප්‍රතිඵල ලබා දී ඇත.

මේ දක්වා කොමර්ෂල් ක්‍රෙඩිට් හි ඉතා ඉහළ සාර්ථකත්වයට ගාමක බලවේගය වන්නේ සමාගමේ කැපවූ ශ්‍රම බලකායයි. කොමර්ෂල් ක්‍රෙඩිට් හි ලිබරල්කරණය සහ සේවක සවිබල ගැන්වීමේ සංස්කෘතිය කර්මාන්ත සම්මතයන් අභිබවා යාමට සමත් වී තිබේ. කණ්ඩායම් සාමාජිකයින්ගේ පක්ෂපාතිත්වය සහ කැපවීම එහි සාර්ථකත්වයේ වැදගත් සාධකයක් වී තිබේ.

2009 සිට සමාගම සියළුම මෙහෙයුම් ක්ෂේත්‍රයන්හි වාර්තාගත වර්ධනයක් අත්කර ගෙන ඇත. 2009 අග භාගයේ සිට සමාගමේ වර්ධනය සෑම අංශයකම තුන් ගුණයකින් වැඩි වී තිබේ. කොමර්ෂල් ක්‍රෙඩිට් වර්තමානයේ කර්මාන්තයේ හොඳම එන්පීඑල් සහ ආදායම් පිරිවැය අනුපාතයන්ගෙන් එකක් වන අතර මුල්‍ය කර්මාන්තයේ ඉහළම ලාභය ඉහළ නංවයි. මැලේසියාවේ පැවති 2011 ජාත්‍යන්තර යූඩීසී ව්‍යාපාර සම්මාන උළෙලේදී හොඳම මුල්‍ය සමාගම ලෙස සමාගම තෝරා ගන්නා ලදී.

මෝටර් ක්‍රෙඩිට්, ක්ෂුද්‍ර මුල්‍ය, කල්බදු, මුදල් ණය, යනාදිය වැනි නව්‍ය නිෂ්පාදන රට පුරා ස්ථාන 120 කට ආසන්න සංඛ්‍යාවක මිලියනයක පමණ ශක්තිමත් පාරිභෝගිකයිනට සේවය කිරීමට සමාගමට හැකි වී තිබේ. වැඩිදියුණු කරන ලද ශාඛා පහසුකම් සහ නවීනතම අලෙවිකරණ ක්‍රියාමාර්ග මගින් සමාගම වේගයෙන් ව්‍යාප්ත වන සහ විශ්වාසවන්ත සේවාදායක ජාලයක් හිමිකර ගනිමින් තිබේ.

කොමර්ෂල් ක්‍රෙඩිට්හි  ඉලක්කය වනුයේ අනාගත නායකයින් බිහිකිරීම සහ සවිබල ගැන්වීම සහ සමාජයේ ජීවන තත්වයන් ඉහළ නංවාලීමයි.